විශේෂ නිවේදනයයි !

විශේෂ නිවේදනයයි !

Size
Price:

Read more

 

ආගමික දේවල් වල පූර්ණ අයිතිය දෙවියන් වහන්සේ සතු බැවින් 

මෙහි කිසිදු වගකීමක් Online MOG Center භාරගනු නොලැබේ. 


සම-හරක්ට දැනගැනීම පිණිස


ජේසුස් වහන්සේගේ ගෝලයින්ට අණ කරේ, "රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න. ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය." ( මතෙව් 10:8-10 ) කියා.

අපගේ සේවාවනගේ මූලික අරමුණ මුදල් ඉපයීම නොව දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට, සතුටු කිරීමට, ස්තූති ප්‍රශංසා කිරීමටයි.

දෙවියන් වහන්සේව නොදන්න අයට සුබ අස්න දෙසීමටත්, දෙවියන් වහන්සේව සොයන අයට, ජේසු මරියතුමිය සමඟ ගමනක් යන අයට හා දෙවියන් වහන්සේගේ හඬ අසා එය ක්‍රියාවට නංවන්න උත්සාහ කරන දරුවන්ට උදව් කිරිම අපගේ යුතුකමයි.

ජේසුස් වහන්සේ, "ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න." ( මතෙව් 10:28 )

මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි. මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි. නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත. ( හිතෝපදේශය 26:4‭-‬5 )

මෙවැනි ලින්ක් බෙදාගත් බැවින් අපට චෝදනා කළ හැකිය. නමුත් අනුවණයන් සමඟ වාද විවාද කිරීමට කාලයක් අපට නොමැත. මිනිසුන් ඉදිරියේ කැපී පෙනීමේ මානසික අසහනය අපට නොමැත. තනියම බුදු වීම, ක්‍රිස්තු ප්‍රතිපත්තිය නොවෙයි.

"ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය." ( රෝම 12:2 )

"ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත." ( ගලාති 5:10 )

අප වෙත මෙවැනි ලින්ක් ලබා දුන් සැමට ස්තුතිවන්ත අතර, ඉදිරියටත් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට දෙවිඳුන්ගේ ආසිරි ලැබෙන ලෙස දෙවිඳුන් ඉදිරියෙහි අප නිසා යාච්ඥා කරන්න. 

"මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය." ( එපීස 6:12 )

දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න. දිනන පිණිස වීර්ය කරන සෑම ක්‍රීඩකයෙක් ම හැම අතින් ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. ( 1 කොරින්ති 9:24‭-‬25 )

ස්තුතියි. ජේසු පිහිටයි.


මෙය උපුටා ගැනීමකි.

0 Reviews

Contact form

Name

Email *

Message *