Charity Projects දයාවේ සේවාවන්

Charity Projects දයාවේ සේවාවන්

Size
Price:

Read more


You can Support Charity Projects mentioned below
ඔබටත් දායක විය හැකි දයාවේ සේවාවන් කිහිපයක් පහත සඳහන් ය.

👇

https://bit.ly/CharityProjects



1. ජේසු සමග අත්දැකීමක් ඇති, ශුද්ධ වූ මාර්ග වල ජීවත් වන, අවම වශයෙන් පැයක් හෝ ඊට වැඩි කාලයක් ජේසු මරිය තුමිය සමඟ යාච්ඥාවේ හා උපවාසයේ ජීවිතයක් ගත කරන, අන් අයට ජේසු අත්දැකීමක් ලබා දීමට උදව් විය හැකි, දෙවියන් දන්නා අයට මෙන්ම නොදන්නා අයට ද "දෙවියන් වහන්සේ කවුද?" යන්න අවබෝධ කර, තවත් උන්වහන්සේ තුළ ගැඹුරු අත්දැකීමක් ලබා දීමට වෙහෙසවන, ඇප කැප වන පියතුමන්ලා, දහම් ගුරුවරු, දේව දරුවන් අවශ්‍ය වී ඇත. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි සේවය කරන්නාගේ සහ සේවය ලබන්නාගේ අනන්‍යතාවය සුරැකීමට අපි බැඳී සිටිමු.

2. ජේසු ගැන, දේව වචනය ගැන, බයිබලය ගැන, දේව දූතයන්, සාන්තුවරුන් ගැන, කතෝලික සම්ප්‍රදාය සහ ඉගැන්වීම් ගැන මනා අවබෝධයක් ඇති සමාජ මාධ්‍ය (Facebook, WhatsApp, Viber, IMO, Zoom Meeting and etc ) ඔස්සේ ඉගැන්විය හැකි පියතුමන්ලා, දහම් ගුරුවරුන් හෝ දේව දරුවන් අවශ්‍ය වී ඇත.

3. දෙවියන් වහන්සේ ඔබට දුන් තලෙන්තු (හැකියා, කුසලතා, දක්ෂතා) දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම සඳහා ඔබටත් නොමිලේ දායක විය හැක. ඔබේ තලෙන්තු සතුටු සිතින් දෙවිඳුන්ට පුද කරන විට දෙවියන් වහන්සේ මහත් ප්‍රාතිහාර්ය ඒ තුළ සිදු කරනවා. ඔබටත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට ආරාධනා.

4. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මේ ලෝකයේ පතළ කිරීමට වෙහෙසන අය උදෙසා විශේෂයෙන් යාච්ඥා කිරීමට ඔබ සැමට ආරාධනා.

ලෝකයේ යක්ෂයාට විරුද්ධ ව ඇති බලගතුම යාච්ඥාව දිව්‍ය පූජාවයි. අප සැම උදෙසා දිව්‍ය පූජාවේදී ඔප්පු කරන්න. මරිය තුමිය ඉල්ලූ පරිදි අභිරහස් මෙනෙහි කරමින් 15ස් පන්ති ජපමාලය භක්තියෙන් උච්චාරණය කරන විට, ජේසු ඉල්ලූ පරිදි සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 11.00 සිට ශුද්ධ වූ පැය කියන විට, ජේසු ඉල්ලූ පරිදි සවස 3.00 ට පාදනමස්කාරය හෝ දයාවේ මල්දම කියන විට නුසුදුසු දුබල පව්කාර අප වෙනුවෙන් යාච්ඥා කරන්න.

“ ... ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත;  හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත." (රෝම 3:10‭-‬11)

5. සුබ අස්න පතල කරන, ජේසු ගැන කියාදෙන ධර්මදූත ධර්මදූතිකාවන්ට එම වැඩ කටයුතු කරගෙන යාමට මූල්‍යමය අපහසුතා ඇති වී තිබෙන බැවින් එයට ඔබ සැමගේ දායකත්වය අපි අපේක්ෂා කරමු. මන්දයත් ඔබ ඒ කරන පුංචි උපකාරයෙන් පවා ආත්මයක්‌ ගැලවීමට උපකාරී වේ. එමගින් ඔබටත් ඔවුන් කරන්නා වූ සෑම කටයුත්තක් හරහාම ලැබෙන ස්වර්ගීය අස්වැන්නෙන් කොටසක් ඔබටත් අනිවාර්යෙන් ලැබේ. 

A) Social Media Picture and Video Designer Sponsor

ඉහළ ප්‍රමිතියකින් යුතු අර්ථවත් පින්තූර සහ වීඩියෝවන් සාදන අය සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

B) Data Sponsor 

කතෝලික චිත්‍රපට, වීඩියෝවන්, ගීතිකා, පොත්පත් හා වෙනත් දෑ අන්තර්ජාලය හරහා නොමිලේ බෙදා හැරීමට ඩේටා අවශ්‍යය අය සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

C) Typing Sponsor 

ලිපි පොත්පත් විගසින් ලියා ගැනීමට හා එහි වැරදි නිවැරදි කර, දුන් වැඩේ වගකීමෙන් හරියට අකුරට කරන අය සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

D) Translating Sponsor 

පොත් පත් සිංහල හෝ වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරන අය සදහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

E) Counseling Sponsor

ජීවිතයේ විවිධ හේතූන් මත අසරණ වී දුක් විඳින අය වෙනුවෙන් වචනයෙන්, අවවාදයෙන්, හෝ වෙනත් ආකාරයකින් පිළිසරණක් වීමට තම වේලාව, ජීවිත කැප කරන අය සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

F) Script Writing Sponsor 

 විවිධ මාතෘකා යටතේ බයිබලීය පාට ( දේව වචනය ) සමගින් වීඩියෝ ආකාරයෙන් එළිදැක්වීම සඳහා තිර පිටපත් රචකයන් සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත. 

G) Voice Artist Sponsor

වීඩියෝවන් සඳහා කටහඬින් දායක වන අය සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

H) Photography and Videography Sponsor

මංගල්‍යය දිව්‍ය පූජා, නත්තල් දිව්‍ය පූජා, කැරොල් ගායනා, විශේෂ මෙහෙයන් සහ අනෙකුත් විශේෂ අවස්ථාවන් ඡායාරූප සහ වීඩියෝගත කරන ශිල්පීන් සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.

I) Website Maintenance and Other Expenses Sponsor 

වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට සහ වෙනත් අමතර වියදම් සඳහා අනුග්‍රාහකයන් අවශ්‍ය වී ඇත.


දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය, ශක්තිය, මඟපෙන්වීම තුළ "මහිමයේ පණිවුඩ" හරහා මෙතෙක් කල් නිහඬව සිදු කළ ව්‍යාපෘතීන් කිහිපයක් පහත ලින්ක් එකේ සඳහන්ය. 

https://bit.ly/CharityProjects


 Charity Projects successfully completed with God's Grace 

දෙවියන් වහන්සේගේ හා ඔබගේ බැතිබර දායකත්වය මගින් සාර්ථකව කර ඇති ව්‍යාපෘතීන්

  • Free Book Giveaways නොමිලේ දේව දයාවේ සහ වෙනත් වැදගත් පොත් ලබාදීම 
  • Catholic items Delivery (Local / Foreign) 
    • Local : Colombo, Daluwakotuwa, Kattuwa, Kurunagala, Hatton, Kalpitiya
    • Foreign : Italy, Dubai  
  • Supporting FOG Scholarship programs for Kids ආර්ථික අපහසුකම් තිබෙන පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම (මේ සඳහා මුදල් පරිත්‍යාග කරන විට)  
  • Supporting Catholic Churches  
  • Blood Donation Camp ලේ දන්දීමේ කඳවුර (St. Philip Neri Church,Thamita ) 2024 - Spread the Word via Social media (Seth fm and many other groups)
  • Free Pets Giveaways (Dogs, Cats, Rabbits, Fish) නොමිලේ සුරතල් සතුන් ලබාදීම
  • Donation to save a kid from Suicide (due to a debt problem) උදව් කිරීමට පොලියට මුදල් ලබා ගැනීමට ඇප වූ මාරවිල වෙසෙන මිතුරාට පිටරට ගොස් නැවත මුදල් නොගෙවීමට එම මිතුරා තීරණය කර නිසා මුදල් ගෙවීමට නොහැකි බැවින් ජීවිතය හානිකර ගැනීමට ගිය මාරවිල බෞද්ධ තරුණයෙකුට අවශ්‍ය මුදල් ලබා දීම (Rs 7,000 - 2022 April)
  • Donation for Stationary items for School Kid ( due to sick father ) රටේ පවතින වාතාවරණය නිසා ආර්ථික අපහසුකම් තිබෙන මහනුවර බෞද්ධ දරුවෙකුට පොත්පත්, පාසල් බෑග්, සපත්තු හා වෙනත් දෑ ලබාදීම (Rs. 15,500 - 2022 May)
  • Donations for Families without food & medicines (Rs 30,000 - 2022 June) එදාවේල කෑමට නොහැකිව හා බෙහෙත් නොමැතිව අසරණව සිටින පියා නැති, රැකියා විරහිත පවුල් වලට උදව් කිරීම.
  • Donations to Cancer Patients for Medicines (Total : Rs 40,000 till  2025) පිළිකා රෝගීන් සඳහා බෙහෙත් ලබාගැනීමට මුදල් ආධාර දීම (මේ සඳහා මුදල් පරිත්‍යාග කරන විට)
  • Sponsored for Beach & Waterfall Cleaning Projects
  • Supported Blood Donation programs (2021/2022)
  • Flood Donations ( Rs 40, 000 ) ගංවතුරින් අවතැන් වූවන්ට හාල්, බිත්තර, පරිප්පු, පිසූ ආහාර සහ වතුර බෝතල්, මුඛ ආවරණ, සනීපාරක්ෂක තුවා ආහාර ලබාදීම (2021). Online MOG Center මගින් Rs 40, 000 කට වැඩි මුදලක් පරිත්‍යාග කරන ලදී [ පින්තූර සඳහා පහත සඳහන් ලින්ක් එක වෙත පිවිසෙන්න Pictures : https://bit.ly/FloodingFund2021 ]
  • Donations during Covid pandemic 
  • Job Banks and Guidance to go Abroad for Jobs 
    • දෙමව්පියන් නොබලන රත්නපුර බෞද්ධ දරුවෙක් හට රැකියාවක් සොයා දී නැවතී සිටිය බෝඩිමට අවශ්‍ය උපාංග ලබාදීම
  • Donation for Jobless person රැකියාවේ පඩිය නොලැබුණු  පුද්ගලයෙකු හට ජීවත්වීමට ආධාරයක් ලබා දීම (2021)
  • Donation for Family without husband's help. ස්වාමිපුරුෂයා නොමැති දරුවන් තිදෙනෙක් සිටින මවකට ආධාරයක් ලබා දීම (2021)
  • Loans (with/without interest)  විදෙස්ගතව සිටින දියණියන් හතර දෙනෙක්ගේ  මවක් සඳහා මුදල් ලබා දීම (Total Rs 400,000 - till 2025)   
  • Helping to Construct Houses අබලන් වූ වහල පිළිසකර කිරීම - ලී දිරා ඇති බැවින් / දැඩි සුළං නිසා (2021-2025 )
  • Donation to offer Holy Masses for Departed Souls and your prayer intentions යාච්ඥා ඉල්ලීම් හා අප අතරින් අපි අතරින් සමුගත් ආදරණීයයන් වෙනුවෙන් දිව්‍ය පූජා යාගයන් ඔප්පු කිරීම (මේ සඳහා මුදල් පරිත්‍යාග කරන විට)
  • Donation for Priests/Nuns/Devout Catholics who Truly serve God දේව සේවයෙහි දිවා රෑ නොබලා, කැපවීමෙන් වෙහෙසෙන පියතුමන්ලාට, කන්‍යා සොහොයුරියන් සහ භක්තිවන්ත කතෝලිකයන් හට ඔබේ වේතනයෙන් දසයෙන් කොටස ලබාදීම (මේ සඳහා මුදල් පරිත්‍යාග කරන විට)
  • Donations for Future Priests/Nuns අනාගතයේ දී පූජකයන් සහ කන්‍යා සොහොයුරියන් වීමට ඉගෙනුම ලබන Seminary වෙත ආධාර කිරීම (මේ සඳහා මුදල් පරිත්‍යාග කරන විට)
  • Donations for Printing Catholic leaflets ආගමික පොත් පත් මුද්‍රණය කිරීම සඳහා ආධාර කිරීම
  • Supporting catholic content creators (Rs 30,000 till 2025) යෞවනයේ මරිය හඬ ව්‍යාපෘතියේ ලිපි මුදල් ගෙවා Type කර, සමාජ මාධ්‍ය වල බෙදාහැරීම, අමිල සේවාවක් කරන කතෝලික Facebook පිටු, TikTok & YouTube Channel කරන, කතෝලික Torrent seed කරන අය හට Data Sponsor ලබා දීම

ශ්‍රී ලංකාවේ සිංහල බසින් මෙතක් කල් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ ලබාදී ඇති ලබාදීමට සහ ලබාදීමට නියමිත දෑ. 

ඔබගේ මිතුරන් සමඟ පහත ලින්ක් එක බෙදා ගන්න.

https://bit.ly/onlineMOGcenter



ප්‍රධාන ගිණුම  

බැංකුව : Hatton National Bank 

ගිණුමේ නම : Fountain of Grace Messages of Glory

ගිණුම් අංකය : 110020123567

ස්විෆ්ට් අංකය (Swift Code) : HBLILKLX

ශාඛාව ID : 110 (වෙන්නප්පුව ශාඛාව)

බැංකු අංකය (Bank Code) : 7083


කාරුණික නිවේදනයයි

අප සංවිධානයේ සාමාජිකයින් රැකියාවන් කරන නිසා කාර්යබහුල බැවින් මුදල් විගස අවශ්‍ය තැන්වලට යැවීම සඳහා Online Transaction ක්‍රමය භාවිතා කෙරේ. ආධාර තැම්පත් කිරීම සඳහා බැංකු ගිණුම පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ

ඔබ ආධාර කරන විට එම මුදල කුමක් සඳහා යෙදවීමට ඔබ අපේක්ෂා කරනවා ද යන්න දැනුවත් කරන්න.


HNB Bank

Perera G. A. A. S.

024020377577

Branch : Negombo


ඔබගේ බැතිබර දායකත්වය අපි අගය කොට සලකමු. ඔබට හැකිනම් කරුණාකර මුදල් ගිණුමට බැර කිරීමට පෙර හා පසු ව්‍යාපෘති සම්බන්ධීකාරක දැනුවත් කරන්න.

ව්‍යාපෘති සම්බන්ධීකාරක : 0094777235643 / 0788535643 ( Call / කෙටි පණිවිඩ SMS / Whatsapp පමණයි )

කරුණාකර ඔබ මුදල් බැර කර slip එක WhatsApp 0094777235643 වෙත එවන්න. 

ඔබ ලබාදෙන සියලු මුදල් මහිමයේ පණිවුඩ ව්‍යාපෘතීන් සහ වරප්‍රසාදයේ උල්පත කණ්ඩායමෙන් කරන ව්‍යාපෘතීන් සඳහා යෙදවේ.

ස්තුතියි ! 






0 Reviews

Contact form

Name

Email *

Message *